Tuesday, December 24, 2024

මෙවර SLBC සේවකයන්ට මූලික වැටුප විතරයි

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවය කරනු ලබන සේවකයන්ට මෙවර හිමිවනුයේ ඔවුන්ගේ මූලික වැටුප පමණක් බව වාර්තා වේ. ඔවුන්ගේ වැටුප් ලබාදීමේ දිනය අදට (24) ට යෙදී තිබේ. මේ තත්ත්වය අනුව සාමාන්‍යයෙන් එක් සේවකයකුට සිය වැටුපෙන් රුපියල් 10,000/- ක් පමණ අහිමිවනු ඇතැයි වාර්තා වේ.

අධ්‍යක්ෂ ජනරාල් (මුදල්) හා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මුදල්) විසින් ගෙනඑන ලද යෝජනාවකට අනුව මේ තීන්දුවට පැමිණ ඇති බවද වාර්තා වේ.

එහි සේවකයන් පසුගිය සමයේදී අඛණ්ඩව සේවයට වාර්තා නොකළ බැවින් මෙසේ කටයුතු කිරීමට ඉහත දෙපළ පාලනාධිකාරියට යෝජනා කර ඇති බව පැවසේ.

සේවකයන් එලෙස අඛණ්ඩව සේවයට වාර්තා කර නැත්තේ එහි අංශ ප්‍රධානින් විසින් කොරෝනා තත්ත්වය මත ඔවුන් වරින් වර සේවයට කැඳවීම නිසා බව ගුවන් විදුලි සංස්ථා ආරංචි මාර්ගවලින් වාර්තා වේ. 

කෙසේවුවද, සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් අඩු කිරීමට රජය කිසිදු තීන්දුවක් අරගෙන නොමැති බවයි.

Sri Lanka Mirror

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles