සිංහල බෞද්ධ කියන්නේ තනිකර බොරුවක්..! බණ්ඩාරනායකත් මැරුම් කෑවේ හාමුදුරු නමක් අතින්….! – රාසමානික්කමි

0
328

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ සමුළුවට ගොස් කිසිවෙකු ලියා දුන් පිටපතක් කියවා පැමිණි බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියම් රාසමානික්කම් පවසයි.

ඔහු එහි දී සිදුකළ ප්‍රකාශ සහ පසුගිය සමයේ රටේ සිදු වූ දෑ අතර කිසිදු ගැලපීමක් නැතැයි ද රාසමානික්කම් පෙන්වා දෙයි.

රුවන්වැලි සෑය අසල දිවුරුම් දී දළදා මාළිගාවේ කැබිනට්ටු පත්කර සිංහල බෞද්ධ නම් බොරුවක් පවත්වා ගෙන යාමට පසුගිය සමයේ කටයුතු කළ බවට ද හෙතෙම චෝදනා කරයි.

එක ජාතියක් එක ආගමක් පදනම් කරගෙන දේශපාලනය කළ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ඝාතනය කළේ ද ඔහු ගෙන ආ බොරු මතවාදය දිගට ම පවත්වා ගෙන යාමට නොහැකි වූ නිසා අසතුටට පත් ස්වාමීන් වහන්සේ නමක් බවට ද ශානක්කියම් අනතුරු ඇඟවූයේ ය.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සමඟ පැවැති සාකච්ඡාවකින් පසු ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ ය.

Emanisa.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here