කොරෝනා වසංගත සමයෙන් පසු එංගලන්තයට දරුණු සෙම්ප‍්‍රතිශ්‍යාවක්

0
297

එළඹෙන වසන්ත සමයේ එංගලන්තයේ ජනතාවට මෙතෙක් වැළඳුනු දරුණුම ගණයේ සෙම්ප‍්‍රතිශ්‍යා රෝගයට මුහුණ දීමට සිදු වනු ඇති බවට එරට වෛද්‍යවරු අනතුරු අඟවා තිබේ. මෙවැනි තත්ත්වයක් උද්ගත වීමට හේතු වී ඇත්තේ මාස ගණනාවක් එරට කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා පනවා තිබූ අගුලූ දැමීමේ සීමාවන් යටතේ නවතා දමා තිබූ මහජන ප‍්‍රවාහන සේවාවන් නැවත ඇරඹීමත් සමගම ඒ හරහා සෙම්ප‍්‍රතිශ්‍යා වෛරසද ශීඝ‍්‍රයෙන් ජනතාව අතර පැතිරීම බව ඔවුහු කියා සිටිති.

කොරෝනා ආසාදනය නොවුණ ද ඉදිරියේදී ඇති වන සෙම්ප‍්‍රතිශ්‍යාව කැස්ස, කිවීසීම වැනි රෝග ලක්ෂණ සහිතව මෙයට පෙර පැවතියාට වඩා තවත් දරුණු ලෙස හටගනු ඇති බව වෛද්‍යවරු පවසති. දැනටමත් බොහෝ දෙනා සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ ප‍්‍රකාශ කර ඇත්තේ කොරෝනා වසංගත සමයෙන් පසු ඔවුනට වැළඳුණු සෙම්ප‍්‍රතිශ්‍යාව මෙතෙක් වැළඳුනු නරකම සෙම්ප‍්‍රතිශ්‍යාව බවයි. ඇතැමුන්ට පපුවේ ආසාදනයන්ද මේ නිසා හටගෙන ඇති බව වාර්තා වී තිබේ.

දිවයින

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here