වික්ටෝරියා ජලාශය ආශ්‍රිත ප්‍රදේශය ගැන නව තීරණයක්

0
429

වික්ටෝරියා ජලාශයේ වේල්ල අසල පිටාර මට්ටමේ පවත්වාගෙන ගිය හුණුගල් කොරි ඉවත් කිරීමට පරිසර අමාත්‍යාංශය කටයුතු කර තිබේ. පසුගිය කාලය තුළ වික්ටෝරියා ජලාශය අවට ප්‍රදේශවලින් සුළු භූ චලන රැසක් වාර්තා විය. පසුව ඒ පිළිබඳ අධ්‍යයනයක් කර වාර්තාවක් ලබාදීම සඳහා පරිසර අමාත්‍යාංශය විසින් ආචාර්ය සහ මහාචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළේය.

ඒ අනුව වික්ටෝරියා ජලාශය ආසන්නයේ මීටර් 100 ක් තුළ මහ පරිමාණයෙන් පවත්වාගෙන ගිය හුණුගල් කැණීම් ස්ථාන 03ක හා සුළු වශයෙන් කැණීම් කළ ස්ථානවල කැණීම් බලපත්‍ර තහනම් කළ බව එහි සභාපති අනුර වල්පොල සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here