ඉන්ධන මිලදී ගැනීම ගැන ලංකාව, ඉන්දියාව සහ UAE සමග විශේෂ සාකච්ඡා 02 ක

0
341

ඉන්ධන මිලදී ගැනීමේදී සහනයක් සළසන්නැයි ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කර්මාන්ත හා උසස් තාක්ෂණ අමාත්‍ය ආචාර්ය සුල්තාන් අල් ජාබර් මහතා හමුවූ අවස්ථාවේදීයි මෙම අදහස් පළවී ඇත්තේ.

මෙම ඉල්ලීමට ධනාත්මක ලෙස ප්‍රතිචාර දක්වමින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය උපකාර කිරීමට සූදානම් බව පැවසූ අල් ජාබර් අමාත්‍යවරයා, එම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා උපාය මාර්ගික රාමුවක් ස්ථාපිත කිරීමට යෝජනා කර තිබෙනවා.

මේ අතර ඉන්ධන මිළයට ගැනීම සඳහා ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ලබාගැනීමට ශ්‍රී ලංකාව විසින් ඉන්දීය රජය සමග සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කලේ ලංකා ඛණිජ තෙල් සංස්ථාව දැනටමත් රාජ්‍ය බැංකු දෙක සඳහා ඩොලර් බිලියන 3.3 ක මුදලක් ණයවී සිටින බවයි.

එය ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ සංචිත ප්‍රමාණයට සමාන වනවා.

මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තාකර ඇති පරිදි ඉරානයෙන් ඉන්ධන ගැනීමේ සූදානමක් නොමැති බවද ජනාධිපති ලේකම්වරයා අවධාරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here