Saturday, September 21, 2024

උසාවි නියෝග නැතුව දුරකථන දත්ත ගන්න CID ට අයිතියක් නෑ

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඉන් පිටත්ව ගොස් තිබෙනවා.

මන්ත්‍රීවරයාගෙන් පැය 03 ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.

පැවති යහපාලන රජය සමයේ පාඨලී චම්පික රණවක මහතා අමාත්‍ය ධුරය දරන විට අමාත්‍යාංශ මට්ටමින් සිදුකළ ප්‍රවර්ධන වැඩසටහනක් සම්බන්ධයෙනුයි මෙම ප්‍රකාශය ලබාගෙන ඇත්තේ.

ඒ අනුව අදාළ ප්‍රවර්ධන වැඩසටහනේදී කිසිදු ප්‍රසම්පාදන වරදක් සිදු වී නොමැති බවට තමන් පෙන්වා දුන් බවයි ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නේ.

මෙම වැඩසටහනට අදාළ පුද්ගලයින්ගේ දුරකථන දත්ත ඔවුනට නොදන්වා උසාවි නියෝගයකින් තොරව රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා විසින් ලබා ගෙන ඇති බවට අද දිනයේදි හෙළිදරව් වූ බවද පාඨලී චම්පික රණවක මහතා සදහන් කළා.

උසාවි නියෝගයක් සහ අදාළ පුද්ගලයින් දැනුවත් කිරීමකින් තොරව දුරකථන දත්ත ලබා ගැනීම සදහා රහස් පොලිසියට කිසිදු අයිතියක් නැති බවටයි මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles