වයස අවුරුදු 18 ට අඩුනම් මරණ දණ්ඩනය නැහැ -අධිකරණ ඇමතිගෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක්

0
348

දරුණු ගණයේ  අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන වයස අවුරුදු  18 ට අඩු  ළමයින්  සඳහා මරණීය දණ්ඩනය  ක්‍රියාත්මක කිරීම නොකළ යුතු  බවටවූ  නව සංශෝධනයක්  පාර්ලිමේන්තුවට  ළඟදීම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා  පැවැසීය.

දණ්ඩ නීති සංග්‍රහයට මෙම නව සංශෝධනය  එක් කෙරෙන බවද හෙතෙම සඳහන් කළේය.

යම් අපරාධයක් කරන අවස්ථාවේදී පුද්ගලයකුගේ වයස අවුරුදු 18 ට අඩු නම් ඒ තැනත්තාට එරෙහිව  මරණ දණ්ඩනය නියම කිරීම හෝ ක්‍රියාත්මක කිරීම  නොකළ යුතු බවටත් ඒ වෙනුවට වෙනත් සුදුසු දඬුවමක් ලබා දිය යුතු බවටත් මෙම  නව සංශෝධනය  මගින් නියම කෙරෙන්නේ යැයිද  ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ විශේෂ කමිටුවක් විසින් ගනු ලැබූ තීරණයක් අනුව මෙම සංශෝධනය ඉදිරිපත් කෙරෙන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here