QUAD සංවිධානයේ රටවල් ධවල මන්දිරයේ දී රැස්වේ

0
444

බෙල්ට් ඇන්ඩ් රෝඩ් සැලැස්ම හරහා චීනය ලෝක දේශපාලනයට සහ වෙළෙඳාමට කරන බලපෑමට ප්‍රතිචාර වශයෙන් ඇමරිකානු නායකත්වයෙන් ගොඩනැගුණු බලවේගය වන ‘ඉන්දු-පැසිෆික්’ කලාපීය සංවිධානය හෙවත් QUAD සංවිධානයේ සාමාජික රටවල් අද (24) රාත්‍රී ධවල මන්දිරයේ දී රැස්වේ.

එහිදී ඉන්දු – පැසිෆික් කලාපයේ රටවල් අතර සම්බන්ධතා වර්ධනය කිරිම පිළිබඳ සාකච්ඡා කිරිමට නියමිතයි.

රැස්වීමට එක්වන්නේ ඇමරිකාව, ජපානය, ඉන්දියාව සහ ඔස්ටේලියාවයි.

කොඩ් රටවල සාමාජිකයින් අද හමුවන්නේ ශ්‍රී ලංකාව ද අයත් ඉන්දු පැසිෆික් කලාපයේ තම ආධිපත්‍ය පතුරුවමින් හමුදා ශක්තිය වැඩි කර ගැනීමට චීනය ගන්නා පියවරට ප්‍රතිචාර දක්වමින් ඔස්ට්‍රේලියාව, ඇමරිකාව සහ එංගලන්තය අතර න්‍යෂ්ටික සම්බැරීන් පිළිබඳ අවුකුස් ගිවිසුම අත්සන් කර ඇති පසුබිමකයි.

Newsfirst.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here