1 වනදා සිට රට විවෘත වන ලකුණු ..?

0
317

රට විවෘත කළ පසු ජනතාව සෞඛ්‍ය නීති තදින්ම පිළිපදිමින් වගකීම් සහගතව කටයුතු කළ යුතු වන බව ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

රට විවෘත වීම සම්බන්දයෙන් අදහස් දක්වමින් ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ජනාධිපතිවරයා මෙරටට පැමිණීමෙන් පසු ඒ ගැන උපදෙස් ලැබෙනු ඇති බවය. කෙසේවෙතත් යුද හමුදාපතිවරයා වැඩි දුරටත් පැවසුවේ රටේ කොරෝනා ව්‍යාප්තිය සතුටුදායක ලෙස පාලනය වී ඇති බවය.

දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් මස 1 වනදා දක්වා දීර්ඝ කිරීමට පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඩ් මර්දන විශේෂ කමිටු සාකච්ඡාවේදී තීරණය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here