එන්නත ලබා ගත් අයටත් කොරෝනා හැදෙනවා නම්, මැරෙනවා නම් ඇයි එන්නත ගහන්නේ ?

0
283

කොවිඩ් එන්නත් ලබා ගත් පුද්ගලයන් පවා කොවිඩ් ආසාදිතයන් බවට පත්වූ අයුරු දක්නට තිබේ. එමෙන්ම මරණයට ද පත් විය. එසේනම් ඇයි එන්නත ලබා ගන්නේ කියන එක ගැන සමාජයේ මතයක් ගොඩ නැගෙමින් තිබේ.

එන්නත්කරණය සමබන්දයෙන් වූ මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය අංශ පැවසුවේ එන්නත්කරණය අතවශ්‍ය කරුණක් බවත්. විවිධ මිත්‍යාවන්ට නොරැවටී එන්නත ලබා ගන්නා ලෙසටත්ය.

එන්නත ලබා ගැනීමේ ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි වීමක් සිදු වන බවත් එමඟින් කොවිඩ් 19 විරුද්ධව ප්‍රතිදේශ වැඩි කරන බව පෙන්වා දෙන වෛද්‍යවරුන් පවසන්නේ ශරීරයේ පහළ කොටසේ රැඳී වෛරස් විනාශ වුණත් සමහර අවස්ථාවලදී ශරීරයේ ඉහළ කොටසේ වෛරසය රැදීමක් සිදු විය හැකි බවය. එම නිසා අනිවාර්යෙන් මුව ආවරණ පැළඳීම අනිවාර්ය බවද පේනවා දෙන වෛද්‍යවරුන් පවසන්නේ සෞක්‍ය මාර්ගෝපදේශ ආරක්ෂා කිරීම දිගටම කළ යුතු බවය. එමෙන්ම විටින් විට මතු වන නව ප්‍රබේදත් කොවිඩ් වැළඳීමට හේතුවක් බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here