සාලාවේ වැසූ පාසල් අද(13) යළි විවෘත වේ..

0
620
Students from the Seenigama Wimala Buddhi Maha Vidyalya School in the coastal town of Seenigama, Sri Lanka. The school was rebuilt after it was badly hit by the 2004 tsunami.

සාලාව හමුදා කඳවුරේ ගින්න හේතුවෙන් දැනට වසා දමා තිබෙන සියලු පාසල් අද (13) සිට යළි විවෘත කරන බව රජය පවසයි.

හානියට පත් නිවාසවල පදිංචිව සිටි සිසුන් සඳහා යුද හමුදාව විසින් පොත් පත්,  පාසල් උපකරණ සහ අනෙකුත් අවශ්‍ය දෑ ලබාදීමට කටයුතු යොදා ඇති බව යුධ හමුදා බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කළේය.

මේ අතර කොස්ගම රජයේ රෝහල ද ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව හෙට දිනයේ සෞඛ්‍ය බලධාරීන් වෙත භාරදීමට නියමිතය.

ප්‍රදේශයේ සියලු නිවාස ප්‍රතිසංස්කරණය කර පදිංචියට සුදුසු පරිදි සකස් කිරීමේ කටයුතු යුධ හමුදාව විසින් මේ වන විට සිදු කරන අතර ඒ සඳහා අවශ්‍ය සහය ලබා දෙන ලෙස මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලීමක් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here