මුස්ලිම් සිසුවියට බුද්ධාගම – සිංහල ඇතුළු සියලු විෂයන්වලට ‘A’ සාමාර්ථ

0
304

අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් බුද්ධ ධර්ම විෂය ඇතුලු සියලු විෂයන් නවයටම ඒ සාමර්ථ නවයක් ලබා ගැනිමට වැල්ලවාය මල්වත්තාවල ජාතික පාසලේ ඉගෙනුම ලබන මොහොමඩ් ෆාරිස් අයිෂා අමිනා දියණිය සමත්වුවාය.

ඇයගේ පියා වැල්ලවාය නගරයේ පාපැදි අලුත්වැඩියා කරනු ලබන වැඩපලක් පවත්වාගෙන යන අයකු වන අතර මව ගෘහණියකි.

පවුලේ දෙවැනියා වු අයිෂා අමිනා දියණිය තම ජයග්‍රහණය සම්බන්ධයෙන් මෙසේ කියා සිටියාය.

“ප්‍රශ්න පත්‍ර වැඩිපුර කරන්න ගුරුවරුන්ට කීකරුවෙලා වැඩකරන්න කියලා මම ඉල්ලවනවා. මගේ බලාපොරොතුව ඉංජිනේරුවරියක් වෙන්න . ඒ වෙනුවෙන් ගණිත විෂය උසස්පෙළට හදාරන්න සුදානම් වෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here