සීමාවන්ට යටත්ව ලබන පළමු වනදා රට විවෘත කරනවා.

0
300

පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කර සීමාවන්ට යටත්ව ලබන මස (01) දින රට විවෘත කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අද (25) එම රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ කොවිඩ් මර්දන එන්නත්කරණය මේ වන විට සාර්ථකව සිදුකරමින් පවතින බවත්, කොවිඩ් 19 වෛරසය මෙරට තුල පැතිර යාමේ අවදානම මේ වන විට පාලනය වී ඇති බවට සංඛ්‍යා ලේඛන වලින් අනාවරණය වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here