තමන් සතොස ආයතනයෙන් හෝ මෙතෙක් කටයුතු කර ඇති අමාත්‍යාංශයන් තුළින් නියම් හෝ අනියම් ආකරයෙන් කිසිඳු මුදලක් ලබා ගෙන නොමැති බවත් සතොස පරීක්ෂණ කටයුතු සඳහා කිසියම් බලපෑමක් නොකඛ බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරනවා. මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ දේශපාලන පත්වීමක් ලත් අධ්යක්ෂවරයකු විසින් තමන් බලපෑම් කළ බවට සඳහන් කර ඇති බවත් එම පුද්ගලයාගේ වැඩසටහන කුමක්දැයි සොයා බැලිය යුතු බවත්ය.
එමෙන්ම සතොස යනු හොර ගුහාවක් බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. මේ වන විට අදාළ සුදු ළූණු වංචාව සම්බන්ධයෙන් අවශ්‍ය නීති කටයුතු සිදු වන බවද ඊට තමන්ගෙන් හෝ, අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් හෝ කාර්ය මණ්ඩලයේ කිසිවකුගෙන් බාධාවක් එල්ල වී ඇතිදැයි අදාළ දේශපාලන පත්වීම් ලද අධ්යක්ෂවරයා හෙලි කළ යුතු බවත් මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළා.
ඒ පිළිබඳව අදාළ අධ්යක්ෂවරයාගෙන් විමසීමට කටයුතු නොකළේදැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කත්ල් දේශපාලන හාල්පාරුවකුසමඟ කතා කිරීමේ අවශ්‍යතාවක් තමන්ට නොමැති බවයි.