ආණ්ඩුව අමෙරිකාවට විකිණුවේ පාඩු ලබන ආයතනයක් නෙමෙයි – මරික්කාර්

0
353

හිල්ටන් හෝටලය, හම්බන්තොට වරාය වැනි ආයතන පාඩු ලබන බැවින් විකිණූ බව කිව හැකි වුවත් මෙවර ආණ්ඩුව අමෙරිකාවට විකිණුවේ රාජ්‍ය සමාගමක් හරහා මසකට බිලියන 2ක ලාභාංශ මහාභාණ්ඩාගාරයට ලබා දුන් ආයතනයක් බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් මහතා පවසා සිටියේය.

යුගදනවි බලාගාරය අමෙරිකාවට ලබා දීම සම්බන්ධයෙන් රූපවාහිනී විවාදයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කීය.

වැඩිදුරටත් ඒ මහතා පෙන්වා දුන්නේ විකිණූ ආයතන පවා යළි අත්පත් කරගන්නා බවට පොරොන්දු දෙමින් බලයට පැමිණි ආණ්ඩුව දැන් ලාබ ලබන ආයතන පවා විකුණා දැමීමට පියවර ගනිමින් සිටින බවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here