පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට කෝටියක්, ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකුට ලක්‍ෂ 30 ක්

0
478

කොරෝනා වසංගතයෙන් නැවතී ඇති ගමේ සංවර්ධන කටයුතු ලබන වසරේ සිට නැවත ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කෙළේය. මෙවර අය වැයෙන් පලාත් පාලන ආයතන නියෝජනය කරන මහජන නියෝජිතයින්ට රුපියල් ලක්ෂ 30 බැගින් ලබා දීමටත් එක් එක් ග්‍රාම නිළධාරි වසම් සදහා රුපියල් ලක්ෂ 40 ක් බැගින් ලබා දීමටත් තීරණය කර අති බවද අමාත්‍යවරයා සදහන් කෙළේය.

මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලක්ෂ 100 ක් බැගින් සංවර්ධනය සදහා මෙවර අය වැයෙන් මුදල් ලබා දීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තිරණය කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here