වාහන ආයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරිමේ සූදානමක්

0
319

මෙරටට විදේශ විනිමය ගලා ඒම සිදුවන ආකාරය මත වාහන ආයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරිම පිළිබඳ සලකා බැලිය හැකි වනු ඇති බව මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

හෙතම මේ අදහස් පල කළේ අද (25) ජාත්‍යන්තර වානිජ මණ්ඩල විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකදී මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

වාහන ආයනය පමණක් නොව දැනට ආයනයන සම්බන්ධ බොහෝ සීමා ඉදිරියේදී ලැබෙන විදේශ විනිමය ආදායම් අනුව තුළනය කිරීමට බලාපොරොත්තු වන බව ඔහු මෙහිදී කියා සිටියා.

දැනට රජය සාර්ථක ලෙස කොවිඩ් එන්නත් කරනයේ නියැළෙන බැවින් කඩිනමින් සංචාරක ව්‍යාපාරය යළි සුපුරුදු පරිදි ආරම්භ කිරීමට හැකියාව ලැබෙන බවත් අපනයන මූලික වූ කර්මාන්තද සුපුරුදු රිද්මයෙන් ගමන් කිරීමට හැකි වන බවත් තමන් විශ්වාස කරන බව පැවැසූ හෙතම මේ ඔස්සේ නැවතත් විදේශ විනිමය රට තුළට ගලා එන බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here