ඇෆ්ගනිස්ථානයේ දැඩි දඩුවම් යලි ක්‍රියාත්මකයි

0
321

ඉදිරියේදී ඇෆ්ගනිස්ථානය තුළ මරණ දඩුවම හා කපා ඉවත් කිරීමේ දැඩි දඩුවම් ලබාදෙන බව තලේබාන් සංවිධානයේ හිටපු කුප්‍රකට ආගමික පොලිස් ප්‍රධානියා පවසයි. ජනතාවගේ සහ රටේ ආරක්ෂාව වෙනුවෙන් එම පියවර ගන්නා බව වර්තමානයේ බන්ධනාගාර කටයුතු භාරව සිටින හිටපු පොලිස් ප්‍රධානි මුල්ලා නුර්දීන් සදහන් කරයි. කෙසේ වුවත් තලේබානුවන් වර්තමානයේදී බලය ලබා ගැනීමෙන් පසු සදහන් කළේ ඔවුන්ගේ පෙර සමයට වඩා මෘදු පාලනයක් සිදුකරන බවයි. එහෙත්” දැන් යලිත් රටපුරා මානව හිමිකම් උල්ලංගනය කරමින් තිබෙන බව වාර්තාවී තිබේ. ඇතැම් පවුල්වල කාන්තාවන් පසුගිය කාලයේ බටහිර විලාසිතාවලට නැඹුරුවී ඇත. මේ නිසා සාම්ප්‍රදායික ඇඳුම් ඇදීම අනිවාර්ය කර නිවෙස්වලින් පිටත නිදහසේ හැසිරිම කාන්තාවන්ට තහනම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here