කෙරවලපිටිය බලාගාරය විදේශ සමාගමකට ලබාදීමේ කලින් යෝජනාවකදී විරුද්ධ විම නිසා කැබිනට් ඇමති ධූරය පවා වෙනස් වූ බව හිටපු බලශක්ති අමාත්‍ය චන්දිම වීරක්කෝඩි මහතා අද (25) ප්‍රකාශ කළේ ය.
ඔහු යුගදනවි බලාගාරය අමෙරිකාවට ලබා දීමට අස්සන් කළ ගිවිසුමට එරෙහිව අද අදහස් පළ කළේය.
ඒ මහතා සදහන් කළේ තමන් අමාත්‍ය ධූරයේ සිටියදී ගෑස් ළිං හතරෙන් දෙකක් සාර්ථක කරගත් බවත්, ඒ සම්බන්ධ ටෙන්ඩර් කැදවා ඉදිරි කටයුතු සිදු කරගෙන යද්දී තමන් ධූරයෙන් ඉවත් කළ බවත්ය.
පසුව යහපාලන ආණ්ඩුව එය විනාශ කරගත් බවත්, වත්මන් අමාත්‍යවරයාද එය විනාශයක් කරගෙන ඇති බවත් මන්ත්‍රීවරයා කීය.
එම නිසා මෙම සම්පත නිසි අයුරින් ප්‍රයෝජනයට ගෙන රටේ ණය පියවා රට සංවර්ධනය කර අනාගත පරපුරට මෙම බලශක්තිය ආරක්ෂා කර දිය යුතු බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.