පාස්කු දින ප්‍රහාරයට වත්මන් රජය සම්බන්ධ බව ජනතාව සිතීම භයානකයි

0
402

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණය ඉටු කළ යුතු බව කුරුණෑගල ලංකා සභාවේ මූලික රදගුරු අතිගරු කිර්තිසිරි ප්‍රනාන්දු රදගුරු හිමිපාණෝ පවසනවා.

රදගුරු හිමිපාණන් පවසන්නේ, නැවත වරක් රට තුළ ජාති ආගමික අනන්‍යතාවයන් මුල් කරගෙන ආතතියන් ඇති කිරීමේ ප්‍රවණතා ඇතිවෙමින් පවතින බව පෙනෙන්නට ඇති බවයි.

“මේක භායානක තත්ත්වයක්. දැන් විශේෂයෙන්ම මේකේ භායානකකම වැඩිවෙන්නේ පාස්කු ප්‍රහාරයේ ඒ සමීක්ෂණ සිදු කරගෙන යන වටපිටාවක් තුළ මේක පැන නැගීමයි. ඉතින් අපිට සැකයක් ඇතිවෙනවා ඒවා නැවත වරක් වෙන මගකට යොමු කරන්න ද මේක කරන්නේ කියලා. අපි දන්නවා නෙල්සන් මැන්ඩෙලා කිව්වනේ අර්බුදයක් නිර්මාණය කරලා ආවොත් අර්බුදයකින්ම විනාශ වෙනවා කියලා. ඒක බලන් ඉන්න අයටත් වඩා ඒක කරන අයට භායානකයි. එගොල්ලෝ පෙන්වනවා හොයනවා කියලා. හැබැයි අපි නම් ඒ ගැන සන්තෝෂ නැහැ. කරන එක ගැන, මොකද ඒක තීක්ෂණව කාර්යක්ෂමව සිදුවන්නේ නැහැ. අපි දන්නවා නේද පුංචි දෙයක් වුණොත් එහෙම දවසින් දෙකෙන් අපේ හමුදා පොලීසිය හරි දක්ෂයි. ඉක්මනට ඒවා හොයාගන්නවනේ. නමුත් මේක ගැන දැන් එහෙම හොයන පාටක් නැහැ .එතකොට කියනවා. තව කල් ඕනේ කියලා. අවුරුදු දෙකකුත් ගිහිල්ලා. මම හිතන්නේ ඒක ඉක්මනින් හොයලා සාධාරණය ගේන එක වැදගත්.” උන්වහන්සේ අදහස් දක්වමින් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here