62 වන බණ්ඩාරනායක ගුණ සැමරුම අදයි

0
311

දිවංගත හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 62 වැනි ගුණානුස්මරණය අදට (26) යෙදී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ වු එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා 1956 වසරේ පැවති මහා මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණට විශිෂ්ට ජයක් හිමිකරදෙමින් මෙරට සිව්වන අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්විය.

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය සංකල්පය සමගින් බණ්ඩාරනායක මහතා වසර 4ක් සිය ධුරයේ රාජකාරි සිදුකළේය.

එතුමා අග්‍රාමාත්‍ය ලෙස පත්වී ගෙවී ගිය සිව්වැනි වසරේ එනම් 1959 සැප්තැම්බර් 26වනදා සාහසික වෙඩික්කරුවෙකු අතින් ඝාතනයට ලක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here