වරායේ සිරවී ඇති සීනි තොග ඉක්මනින් මිලදී ගෙන ජනතාව වෙත සහන මිලට නිකුත් කිරීමට කටයුතු කරන බව සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මාධ්‍ය හමුවක දී පැවසීය. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කඩිනමින් සතොස සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් හරහා ජනතාවට බෙදාහැරීමට කටයුතු කරන්නැයි අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා /අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට දැනුම් දුන්නා.