ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර පැවැත්වීමට සැලසුම්කර තිබුණු සාකච්ඡාවක් අවලංගුකර තිබේ. මෙම රැස්වීම් සාකච්ඡාව පැත්වීමට සූදානම්කර තිබුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිල නිවසේදී ඊයේ පස්වරුවේය. නමුත් එම සාකච්ඡාව සඳහා ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම නොපැමිණීම හේතුවෙන් එය අවලංගු කිරීමට කටයුතුකර තිබේ. යුගදනවි බලාගාර ඇමරිකාවට ලබාදීමට අදාළ ගිවිසුම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබුණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇත්තේ අග්‍රාමාත්‍යවරයා සමග කළ සාකච්චාවෙන් පසු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා ගැනීමයි.
යුගදනවු බලාගාර ගිවිසුමට පක්ෂයක් ලෙස විරෝධය පල කරන බව එම පක්ෂය විසින් මෑතකදී දන්වනු ලැබීය.
Lanka C News