දකුණු පළාත් අධ්‍යාපන බලධාරීන්ට එරෙහිව ගුරු සේවා සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට..

0
385

දකුණු පළාත් ගුරු සේවය සඳහා අවිධිමත් ලෙස උපාධිධාරීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන බලධාරීන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකරන බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසුවේ අදාළ කරුණ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට ද අද(13) දිනයේ පැමිණිලි කරන බවයි.

අදාළ බඳවා ගැනීම් හේතුවෙන් ගුරු විභාගය සමත් උපාධිධාරීන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇති බව මහින්ද ජයසිංහ මහතා පෙන්වා දෙයි.

එම ක්‍රියාවට විරෝධය පළකරමින් ගුරු විභාගය සමත් අසාධාරණයට ලක් වු උපාධිධාරීන් සහ ලංකා ගුරු සේවා සංගමය අද දහවල් කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය අසළ විරෝධතාවයක නිරත වන බව ද මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here