ඇමෙරිකානු ජනපති බූස්ටර් මාත්‍රාව ලබාගැනීමට සූදානම්

0
334

ඇමෙරිකාව තුළ ආරම්භ වී තිබෙන කොවිඩ්-19 තෙවැනි මාත්‍රාව හෙවත් බූස්ටර් මාත්‍රාව ලබාගැනීමේ වැඩසටහන යටතේ තමන්ද යම් දිනක තමාගේ අතිරේක ෆයිසර් එන්නත් මාත්‍රාව ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බව එරට ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

“මම මගේ බූස්ටර් මාත්‍රාව ලබාගන්නවා” බයිඩන් ධවල මන්දිරයේ සිට පැවසීය. “මම එය කරන්නේ කවදාදැයි මට නිශ්චිතවම විශ්වාස නැහැ. නමුත් මට එය ලබාගත හැකි ඉක්මනින් මම එය ලබාගන්නවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here