මෙරට පැතිර යන ඩෙල්ටා කොරෝනා අනු ප්‍රභේදය නිල වශයෙන් නම් කරයි

0
297

ශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොරෝනා අනු ප්‍රභේදය නිල වශයෙන් නම් කර තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය මගින් හඳුනා ගැනුණු 701-එස් කාණ්ඩයේ මෙම අනු ප්‍රභේදය හඳුන්වා ඇත්තේ AY28 ලෙසින්​ය.

මෙරට විශේෂඥයන් විසින් වාර්තා කරන ලද ස්පයික් ප්‍රෝටීන් විකෘති 3 (A701S, A222V, A1078S) සහිත එම ඩෙල්ටා ප්‍රභේදය AY.28 හෙවත් B.1.617.2.28 ශ්‍රී ලංකා අනු ප්‍රභේදය ලෙස නම් කර ඇත.

ශ්‍රී ලංකාව තුළ දැන් 95% කට වැඩි ප්‍රතිශතයක් පැතිර ඇත්තේ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය බව සාම්පල පරීක්ෂණ මගින් අනාවරණ වී ඇත.

ලෝකයේ ද සෙසු ප්‍රභේද ඇත්තේ 1%ක් පමණක් බවත් දැන් මූලිකවම ලොව වෙලාගෙන ඇත්තේ ඩෙල්ටා බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා පවසා තිබුණි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ මහාචාර්ය නීලිකා මලවිගේ, ආචාර්ය චන්දිම ජීවන්දර ඇතුළු කණ්ඩායමක් විසින් කළ පර්යේෂනවලට අනුව කළ සොයාගැනීම් පරිදි මෙම නම්තැබීම කර ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර ටිවිටර් පණිවිඩයකින් මෙිබව දන්වා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here