Friday, September 20, 2024

අතරමග නතර වූ ගමේ සංවර්ධනය යළි ආරම්භ කරනවා

කොරෝනා වසංගතය නිසා නැවතී ඇති ගමේ සංවර්ධන කටයුතු ලබන වසරේ සිට නැවත ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

මෙවර අය වැයෙන් පලාත් පාලන ආයතන නියෝජනය කරන මහජන නියෝජිතයින්ට රුපියල් ලක්ෂ 30 බැගින් ලබා දීමටත් ග්‍රාම නිලධාරි වසම් සදහා රුපියල් ලක්ෂ 40 ක් බැගින් ලබා දීමටත් තීරණය කර අති බවද අමාත්‍යවරයා සදහන් කෙළේය.

මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ලක්ෂ 100 ක් බැගින් සංවර්ධන වැඩ සඳහා මෙවර අය වැයෙන් මුදල් ලබා දීමටත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව අමාත්‍යවරයා කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles