Saturday, September 21, 2024

නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා ප්‍රකාශ කළ බොරුවක් අතේ පත්තුවෙයි

කෙරවලපිටිය යුගදනවි බලාගාරය ඇමෙරිකානු සමාගමකට ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා ප්‍රකාශ කළ බොරුවක් අතේ පත්තු වීමක් වාර්තා වනවා.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැත්තෙන්.

ශ්‍රී.ල.නි.ප රැස්වීම

මේ සිද්ධිය පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී.ල.නි.ප මන්ත්‍රී කණ්ඩායම හිටපු ජනපති , පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වී තිබෙනවා.

යුගදනවි විදුලිබලාගාරයේ කොටස් 40% ක් ඇමෙරිකානු සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙන්නේ ගිවිසුම අත්සන් කිරීමට දින කිහිපයකට පෙර පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට.

ඒ රැස්වීම පවත්වා තිබෙන්නේ සූම් තාක්ෂණය ඔස්සේ.

කැබිනට් පත්‍රිකා

සාමාන්‍යයෙන් කැබිනට් මණ්ඩල රැස්වීමට පෙර කැබිනට් පත්‍රිකා පිළිබඳව පිටපත් අමාත්‍යවරුන්ට ලබා දෙනවා.

එහෙත් මේ සිද්ධියේදී එවැන්නක් සිදු නොවීම මත කැබිනට් ඇමතිවරුන් ඒ සම්බන්ධයෙන් දැනුවත් වී තිබුණේ නැහැ.

ශ්‍රී.ල.නි.ප මන්ත්‍රී කණ්ඩායම කණ්ඩායම් රැස්වීමේදී එම කැබිනට් පත්‍රිකාව පිළිබඳව කතිකාවතක් ඇති ඇති වී තිබෙනවා.

නිමල් සිරිපාලගේ කතාව

එහි දී ශ්‍රී.ල.නි.පය නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනා ඉන් එක් අයෙක් වන නිමල් සිරිපාල ද සිල්වා මහතා සදහන් කර තිබෙන්නේ ගිවිසුම පිළිබද අදාළ කැබිනට් පත්‍රිකාව තමන්ට නම් ඉකුත් සතියේ දී ලැබුණු බවයි.

ඒ සමගම ඊට විරෝධය පළ කරමින් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා අමාත්‍යවරයා අමතා සඳහන් කර තිබෙන්නේ ශ්‍රී.ල.නි.පය නියෝජනය කරන අනිත් අමාත්‍යවරයා වන මහින්ද අමරවීර මහතා වෙතද එම කැබිනට් පත්‍රිකාව ලැබී නැති බවත් ඒ නිසා බොරු නොකියන ලෙසත්ය.

ඒ බව අමරවීර අමාත්‍යවරයාද තහවුරු කර තිබෙනවා.

ඒ සමග තමා කියපු බොරුව හෙළිදරව් වූ බව අවබෝධ කරගත් නිමල් සිරිපාල ද අමාත්‍යවරයා රැස්වීම පුරාවටම නිහඬතාවය රැක තිබෙන බවයි වාර්තා වන්නේ

Ceylon Tribune

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles