මීලගට රට විහිළුකාරයෙකුට බාර දෙන්න බෑ

0
304

රට කඩා වැටී ඇති මොහොතක නැවත රට ගොඩනැගීමට නම් මීලග පාලකයා විහිළුකාරයෙක් නොවිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

ඒ නිසා මීළඟ රාජ්‍ය නායකත්වය ලබා දිය යුත්තේ එම අභියෝගය භාරගෙන ජයගත හැකි දර්ශනය හා වැඩ පිළිවෙලක් සහිත ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට බවද ඔහු කියා සිටියි.

වික්‍රමසිංහ මහතාට අවලාද කියමින් සතුරුකම් කළ සියලු දෙනා අද වනවිට රට වැටී ඇති අගාධය තේරුම් ගෙන එක්සත් ජාතික පක්ෂය වටා පෙළ ගැසෙමින් සිටින බව ද හෙතෙම පවසයි.

එළඹෙන අප්‍රේල් මාසය වන විට රට මීට වඩා දරුණු තැනකට ගමන් කරනු ඇතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here