ඉන්ධනවලට සල්ලි නෑ.. ලොක්ඩවුන් අරින්න ප‍්‍රමාදය ඒ නිසා.. පළවැනිදා තෙල් නැතොත් තවත් වහනවා..

0
500

ආණ්ඩුව විසින් රට වසා දැමීම ප‍්‍රමාද කර ඇත්තේ ඉන්ධන ආනයනය සඳහා මුදල් ගෙවීමට ඇති අපහසුතා නිසා යැයි තමන්ට තොරතුරු ලැබුණු බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාවට ණය ක්‍රමයක් හරහා ලබාගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් මෙරට විදේශ ඇමතිවරයා ඉල්ලීමක් කර ඇති බව පැවසූ වික‍්‍රමසිංහ මහතා තම ප‍්‍රර්ථනාව එය ලැබේවා යන්න වුවද ඔවුන් එසේ නොකරනු ඇති බවද කීය.

ඩීසල් සදහා මුදල් දැන් ගෙවා ඇති බවත් එනිසා පළමුවැනිදාට පෙර ඒවා ලැබනෙු ඇති නමුත් එදින වන විට ඩීසල් නොපැමිණියහොත් නැවතත් රට විවෘත කිරීම කල් දමන්නට වනු ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

අන්තර්ජාලය ඔස්සේ පැවති සාකච්චාවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

කෙසේ වෙතත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරන්නේ ඉදිරි මාස තුන සඳහා මෙරටට අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය වෙළෙඳපොළට මුදාහැරීමට කටයුතු කරන බවයි.

Lanka C News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here