උතුරු මැද පාසල් කිහිපයක් 16 සිට වැසේ..

0
630

අනුරාධපුරය, මිහින්තලය සහ තන්තිරිමලේ යන ප‍්‍රදේශවල පාසල් 13 ක් ලබන 16 වැනිදා සිට 20 වැනිදා දක්වා වසා තැබෙන බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව අද (13) නිවේදනය කළා.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, ස්වර්ණපාලි බාලිකා විද්‍යාලය, ශාන්ත ජෝශප් මහා විද්‍යාලය, වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය, නිවන්තක චේතිය මහා විද්‍යාලය සහ සහිරා විද්‍යාලය එ්වායින් කිහිපයක්.

දේවානම්පියතිස්ස මහා විද්‍යාලය, විවේකානන්ද මහා විද්‍යාලය, මහා බෝධි විද්‍යාලය , මිහින්තලය මහා විද්‍යාලය, මිහින්තලය කණිෂ්ඨ විද්‍යාලය, කම්මලක්කුලම විද්‍යාලය සහ තන්තිරිමලේ විමලඥාන මහා විද්‍යාලයද ලබන 16 වැනිදා සිට 22 වැනිදා දක්වා වසා තැබෙනවා.

මෙම පාසල් මෙලෙස වසා තැබෙන්නේ එළැඹෙන පොසොන් උත්සවය වෙනුවෙන් පහසුකම් සැපයීම සඳහායි. විශේෂ රාජකාරී සඳහා පිට ප‍්‍රදේශවලින් පැමිණෙන ආරක්ෂක නිලධාරීන්ට පාසල්වලදී නවාතැන් ලබාදෙන බවද උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here