සෞඛ්‍ය වර්ජනය ඇරඹේ

0
306

සෞඛ්‍ය අංශය නියෝජනය කරන වෘත්තීය සමිති කිහිපයක් අද (27) උදෑසන 7 සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

දහවල් 12 දක්වා පැය 05ක කාලයක් එම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමය පැවසීය.

එහි ස‍භාපති සමන් රත්නප්‍රිය මහතා පවසන්නේ ඊට වෘත්තීය සමිති 44ක් සහභාගී වන බවය.

සෞඛ්‍ය සේවකයින් මුහුණදී ඇති ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සිදුකරන බවද‍ සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here