කාබනික පොහොර ගෙන්විය යුත්තේ විෂබීජ නැත්නම් පමණයි – රජයේ කෘෂි ප‍්‍රධානීහු තදින්

0
334

ඉදිරි මහ කන්නය සඳහා ගොවීන්ට ලබාදීම පිණිස කාබනික පොහොර මෙටි‍්‍රක් ටොන් 96000 ක් ආනයනය කිරීම සඳහා රජය විසින් දෙන ලද නියෝගයෙන් මහත් සේ පීඩාවට පත්ව සිටින මෙරට රජයේ කෘෂි ප‍්‍රධානීහු එම පොහොර ගෙන්වනවා නම් ගෙන්විය යුත්තේ ඒවායේ හානිකර බැක්ටීරියා හෝ විෂබීජ නැත්නම් බවට යන ස්ථාවරයේ දැඩිව සිටිති.

 මෙම පොහොර තොගය චීනයේ ක්වින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගමෙන් ගෙන්වීමට නියමිතය.

 මෙම පොහොර තොගයේ පළමු සාම්පලය පරීක්ෂා කරන විට ඒ තුළ පැළෑටිවලට සහ මිනිසුන්ට අහිතකර විවිධ බැක්ටීරියා වර්ග අඩංගුව තිබූ බව හෙළිවිය. මෙහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියේ එය නිවැරදි පොහොර සාම්පලයක් නොවන බවත් අතරමගදී නරක් වූ පොහොර සාම්පලයක් බවත්ය. මේ අනුව ඉදිරි පරීක්ෂණ සඳහා දෙවන සාම්පලයක් ද ශ‍්‍රී ලංකාවට ළඟා වීමට නියමිතව තිබිණ. මෙම සාම්පලය මෙරටට ලැබුණු වහාම කොටස් හතකට බෙදා මුද්‍රා තබා රසායනාගාර වෙත යවන ලදී. ඒවායේ ප‍්‍රතිඵල ඉදිරි දින හතර – පහ තුළ නිකුත් වීමට නියමිතය.

 මෙම පොහොර තොගයේ නරක් වූ සාම්පලය ලෙස පසුව හඳුනාගත් සාම්පලය ජාතික පැළෑටි නිරෝධායන සේවා මධ්‍යස්ථානයේදි ඉකුත් 8 දා පරීක්ෂා කරන ලද අවස්ථාවේදී ක්ෂුද්‍ර බැක්ටීරියා අංශු අඩංගු බව හෙළිවිය.

දිවයින

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here