පාරිභෝගික අධිකාරියෙන් ඉවත් වූ තුෂාන්ට තර්ජන

0
304

පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ධූරයෙන් පසුගියදා ඉල්ලා අස්වූ තුෂාන් ගුණවර්ධන මහතාට දුරකතන මාර්ගයෙන් විවිධ තර්ජන එල්ල වන බව ඒ මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ ගුණවර්ධන මහතා පැවසූවේ සිය ජංගම දුරකතනයට “වට්ස් අප්” පණිවිඩ ඔස්සේ විවිධ තර්ජන කිරීම් දිගටම සිදු කෙරෙන බවයි.

” ඉදිරියේදී බලාගමු” , “පරිස්සම් වෙන්න”යනාදි වශයෙන් මෙලෙස තර්ජනය කිරීම් කෙරුණු බවද මේ තර්ජන කිරීම් සම්බන්ධයෙන් තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවද තුෂාන් ගුණවර්ධන මහතා පවසනවා.

මේ අතර තමා ජනාධිපතිවරයා ළඟදීම හමුවී සතොස දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා හමුවීමට දැනටමත් දිනයක් ඉල්ලා ඇති බවත් හෙතෙම සඳහන් කළා.

සතොස දූෂණ වංචා රැසක තොරතුරු ඇතුළත් ලිපිගොනු රැසක් තමා ළඟ ඇති බව පැවසූ ගුණවර්ධන මහතා සතොස ආයතනවල තේ පානයට පමණක් මාසයකට රුපියල් ලක්ෂ 30කට වැඩි මුදලක් වැය කෙරෙන බවද පැවසුවේය.

සමහරුන්ට තේ පානය සඳහා චීස් පවා අවශ්‍ය කෙරෙන බව ඔහු සඳහන් කළේය.

එසේම සතොස ආයතන සතු වාහන විශාල ප්‍රමාණයක් නිකරුනේ ගාල් කර තිබියදී පිට වාහන රැසක් කුලියට ගෙන ඇත්තේ කාගේ වුවමනාවට දැයි ඔහු ප්‍රශ්න කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here