ඉකුත් සතියේ දී දියවන්නා ඔය දෙසට පාවෙමින් තිබූ තෙල් තට්ටුවක් සම්බන්ධයෙන් වාර්තාවක් මධ්‍යම පරිසර අධිකාරිය විසින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ලබා දී තිබෙනවා.
අදාළ ස්ථාන වලින් ජල සාම්පල ගෙන පරීක්ෂාවට ලක් කර ඇති අතර ඔවුන් සඳහන් කර ඇත්තේ මෙම ස්ථාන වල ජලය කළු පැහැගැන්වී තිබු බවත්, ජලය මත තැනින් තැන කුඩා හා තුනී තෙල් තට්ටුවක් පවතින බවයි.
එමෙන්ම එම ස්ථානයේ තෙල් සහිත අපද්‍රව්‍ය පල්වීම නිසා හටගන්නා දුර්ගන්ධයක් වහනය වූ අතර ජලය බැස යාම ක්‍රමවත්ව සිදු නොවන බවද නිරීක්ෂණය කර තිබෙනවා.
එමෙන්ම ඒ මත දණ්ඩකින් කැලතූ විට පතුලේ සිට වායු බුබුලු සමග තුනී තෙල් තට්ටුවක් මතුවන අතර ඒවා ජලය මතුපිට පාවී යන ස්වාභාවයක් ද නිරීක්ෂණය කර තිබුණා.
ඒ අනුව සිදුකරන ලද නිරීක්ෂණයන් අනුව කාලයක් තිස්සේ බුත්ගමුව ඇළට අපද්‍රව්‍ය බැහැර කිරීම සහ ඇළෙහි ජලය නිසි ලෙස ගලා නොයෑම හේතුවෙන් ඇල්ගී බැක්ටීරියා වර්ධනය වීම මත මෙම තත්ත්වය වර්ධනය වී ඇති බව හෙළිව තිබෙනවා.
එමනිසා එම ප්‍රදේශයේ ජලය සංරක්ෂණය කිරීම සඳහා නිර්දේශ තුනක් ක්‍රියාත්මක කරන ලෙස ද විමර්ශණ කණ්ඩායම දැනුම් දී තිබෙනවා.
අවට ජනතාව විසින් පිරිපහදු නොකරන ලද හා අපවිත්‍ර ජලය දියවන්නාවට බැහැර කිරීම වැළැක්වීම, බුත්ගමුව ඇළ පතුළේ රොන්මඩ වසරකට වරක්වත් ඉවත් කර ජලය පහසුවෙන් බැස යාමට සැළැස්වීම, තෙල් සංස්ථාව මගින් බැහැර කරන අපජලය මෙම ජල මාර්ගය වෙත බැහැර කරන්නේ ද සොයා බැලීම යන ක්‍රියාමාර්ග සඳහා එළඹීමට ද විමර්ශන කණ්ඩායම් නිර්දේශ කර තිබුණා.