Saturday, November 16, 2024

නිවසේදීම කොවිඩ් පරීක්ෂණ වරම් ලබන ඔිස්ට්‍රේලියානුවෝ

ඔිස්ට්‍රේලියානු පුරවැසියන්ට ඉතාම නුදුරේදී සිය නිවසේදීම කොවිඩ් පරීක්ෂණය කරගැනීමට අවස්ථාව සලසාදීමට එරට රජය සූදානම් වනවා.

ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය ඇමති ග්‍රෙග් හන්ට් පවසන්නේ ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ඖෂධ අධිකාරියෙන් දැනටමත් ඉල්ලා ඇති බවයි.

ඒ අනුව වසර අවසානය වනවිට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සඳහා අවසර දීමට හැකිවනු ඇතැයි ද ඔහු සඳහන් කළා.

දැනටමත් එරට ඇතැම් වැඩිහිටි නිවාස වල සහ නිරෝධායන මධ්‍යස්ථාන, රැකියා ස්ථාන වල රැපිඩ් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතිනවා.

කෙසේ වෙතත් තනි පුද්ගලයන් වෙනුවෙන් රැපිඩ් ඇන්ටිජන් කට්ටල අලෙවි කිරීම ඔස්ට්‍රේලියාව තුළ තවමත් තහනම්.

රැපිඩ් පරීක්ෂණයේ නිරවද්‍යභාවය PCR පරීක්ෂණයක් හා ඉහළම මට්ටමක නොපවතින නමුත් එමගින් විනාඩි 10 ත් 15 ත් අතරදී ප්‍රල ලබාගත හැකියි.

බ්‍රිතාන්‍ය – යුරෝපය හා අමෙරිකාව තුළ නිවාසවල රැපිඩ් පරීක්ෂණ සඳහා අවසරය ලබා දී අවසන්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles