Monday, September 23, 2024

“අපි ශ්‍රී ලංකා” නායකයා මම: වෙන කවුද ? – වෙල්ගම

“අපි ශ්‍රී ලංකා” නමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සමානව පක්ෂයක් ගොඩ නැගීමට කටයුතු කළ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා කලකට පසු යළිත් සිය හඬ අවදි කර තිබෙනවා.

ඒ 62 වැනි බණ්ඩාරනායක ගුණ සමරු උත්සවයට සහභාගී වෙමින්.

අපි ශ්‍රී ලංකා බලවේගය

එහිදී වෙල්ගම මන්ත්‍රීවරයා යළිත් වතාවක් “අපි ශ්‍රී ලංකා” පක්ෂය ගැන අදහස් දැක්වූවා.

“අපි ශ්‍රී ලංකා හැටියට ඉදිරියටම යනවා.බොහෝ දෙනෙක් අද අපි එක්ක එකතුවෙලා ඉන්නේ.ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වගේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අපිත් එක්ක එකතු වෙනවා.” යැයි එහිදී මන්ත්‍රීවරයා සඳහන් සදහන් කළා.

එම බලවේගයට නායකත්වය දෙන්නේ කවුරුන්දැයි මාධ්‍යවේදීන් එහිදී ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ “මම තමයි නායකත්වය දෙන්නේ.වෙන කවුරුවත් නැහැ.”ලෙසට.

වත්මන් ශ්‍රී.ල.නී.පය

වත්මන් ශ්‍රී.ල.නී.පය හා එහි නායකත්වය ගැනද සිය මතය ප්‍රකාශ කරමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ “පාක්ෂිකයන් හැටියට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරෙයි.ඒත් ශ්‍රී.ල.නි.පය පාලනය කරන වත්මන් නායකයෝ සමග එකඟ නැහැ.” යන්නයි.

අද ශ්‍රීලනිපය ආණ්ඩුවට හේතු වී සිටින්නේ ඔවුන්ගේ වාසියට මිස රටේ හා ජනතාවගේ වාසියට නොවන බවටයි මන්ත්‍රීවරයා චෝදනා කරන්නේ.

වත්මන් ආණ්ඩුව බණ්ඩාරනායක ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකරන බවත් ඔවුන් ක්‍රියාත්මක කරන්නේ රාජපක්ෂ ප්‍රතිපත්ති බවත් එහිදී වෙල්ගම මන්ත්‍රීවරයා සඳහන් කළා.

රාජපක්ෂලා ගජ මිතුරු ව්‍යාපාරිකයන් හතර පස් දෙනකු සමග එකතුවී අයුතු ලෙස මේ රටේ මුදල් ගසා කන බවයි වෙල්ගම මන්ත්‍රීවරයා අනාවරණය කරන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles