Sunday, September 22, 2024

රණවිරු දරු දැරියන් 17000 කට අතහිත දෙමින් රණවිරු සේවා අධිකාරියේ ශිෂ්‍යත්ව වැඩසටහනක්

ජාතියේ නිදහස උදෙසා කැපවුනු සමාජයේ අවධානයට ලක්විය යුතු අපේම දරු දැරියන් කොටසක් තම දෙමව්පියන් අහිමි ව ඹවුන්ගේ විඩාබර කඳුළු මැද ගෙවූ ජීවිත කතාවක් යථාර්ථයක් බවට පත් කරගන්නට උදව් උපකාර කරන රණවිරු සේවා අධිකාරියේ අධ්‍යාපන ශිෂ්‍යත්ව හා තරුණ කටයුතු අංශය විසින් 2021 ලෝක ළමා දිනය රණවිරු දුවා දරුවන් ඇතුළු සමස්ත දූ දරුවන්ට සුභ ලෝක ළමා දිනයක් වේවායි සුභ පැතුම් එක් කර සිටී.

ක්‍රියාන්විතයේදි තම ජීවිත පූජා කල රණවිරුවන්ගේ හා තම ශාරීරාංග පුදකරමින් ආබාධිත තත්වයට පත් ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ රණවිරු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු උසස් අධ්‍යාපනය දක්වා කරගෙන යාම සඳහා අවශ්‍ය දිරි ගැන්වීමත් උසස් අධ්‍යාපනය සදහා තේරිපත් වූ දරුවන්ට ආර්ථිකමය වශයෙන් ශක්තියක් වීමටත් හා උසස් අධ්‍යාපනය සදහා තේරිපත් නොවු දරුවන් වෘත්තිය අධ්‍යාපනයටත් යොමු කිරිම තුලින් අධ්‍යාපනික වශයෙන් පිරිපුන් දරුවන් කොටසක් බිහිකර එමගින් රටට වැඩදායි පුරවැසියන් කොටසක් දායාද කිරීම අරමුණු කරගෙන රණවිරු සේවා අධිකාරිය මගින් රණවිරු දරුවන් වෙත ශිෂ්‍යාධාර පිරිනමනු ලැබේ.

මේ යටතේ ක්‍රියාත්මක වැඩසටහන් කිහිපයකි.

6-11 වසර අධ්‍යාපනය ලබන දරුවන් අපොස සාපෙළ හදාරන තුරු ඔවුන්ගේ අධ්‍යාපනික අවශ්‍යත්වයන්ට ප්‍රයෝජනයට ගත හැකි පරිදි මසකට රු.500/- බැගින් ශිෂ්‍යාධාර ලබාදේ.
2021 වසර තුල දී ශිෂ්‍යත්ව 1526 ක් ලබා දී ඇත.
අපොස සාපෙළ අධ්‍යාපනයෙන් පසු උසස් පෙළ අධ්‍යාපනය හදාරණ දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ උසස් පෙළ අධ්‍යාපන කාලය තුල එනම් උපරිම වසර 2කට යටත්ව මසකට රු.1500/- බැගින් ශිෂ්‍යාධාර ලබාදීම සිදු කරයි. 2021 වසර තුල දී ක්‍රියාත්මක කරන ලද ශිෂ්‍යත්ව සංඛ්‍යාව 410 කි.

උසස් අධ්‍යාපන ශිෂ්‍යධාර යටතේ විශ්ව විද්‍යාල, විද්‍යාපීඨ හා රජයේ අනුමත වෙනත් උසස් අධ්‍යාපන පාඨමාලා සදහා තේරිපත් වන දරුවන් වෙනුවෙන් මසකට රු.3000/- බැගින් ඔවුන්ගේ අධ්‍යයන වර්ෂ 4ක් ඇතුලත් වනසේ ශිෂ්‍යාධාර ලබාදීම සිදු කෙරේ. 2021 වසර තුල ක්‍රියාත්මක කරන ලද ශිෂ්‍යත්ව සංඛ්‍යාව 262 කි.

අපොස සාපෙළ, උපෙළ සමත්, අසමත් දරුවන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීම අරමුණු කරගෙන වෘත්තීය පුහුණු පාඨාමාලා හදාරණ දරුවන් හට රු.50,000/-ක උපරිමයකට යටත්ව පාඨමාලා ආධාර ලබාදීම සිදු කරයි. 2021 වසර තුල මේ වන විට ලබාදුන් ගණන 10 කි.

කුසලතා ප්‍රවර්ධන ණය වශයෙන් දේශිය හා විදේශිය උසස් අධ්‍යාපන පාඨමාලා හදරණ දරුවන් වෙනුවෙන් රු.500,000.00 ක උපරිමයකට යටත්ව අධ්‍යාපන ණය මුදලක් ලබා දීම සිදු කරයි. 2021 වසර තුල මේ වන විට ලබාදුන් ශිෂ්‍යත්ව ගණන 5 කි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles