ඇමතිවරු සුපිරි වාහන එපා කියති

0
984

ඇමැතිවරුන් තිස්‌දෙනකු සඳහා රුපියල් කෝටි 118 ක්‌ වියදම් කොට මිලදී ගැනීමට කටයුතු කළ නව නිල වාහන මෙම වසර ඇතුළත නොගැනීමට එම ඇමැතිවරුන් තීරණය කර ඇත.

ගංවතුර නාය යැම් සහ සාලාව අවි ගබඩාවට පිපිරීමෙන් ආපදාවට ලක්‌වූ ජනතාවගේ නිවාස, වෙළෙද සැල් ආදිය පිළිසකර කර එම ජන ජීවිත යථා තත්ත්වයට පත්කරන තුරු තමනට නව වාහන අවශ්‍ය නොවන බව ඔවුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා තිබේ.

එම ඇමැතිරවැන් මෙම තීරණයක්‌ ගෙන ඇත්තේ විපතටපත් ජනතාවට සහන සලසා අවසන් වනතුරු ඇමැතිවරුන්ට වාහන මිලදී ගැනීමට මුදල් ලබා නොදෙන ලෙස අගමැතිsවරයා මහා භාණ්‌ඩාගාරයට කළ නියෝගයට ප්‍රතිචාර දක්‌වමිනි.

ඒ අනුව නව වාහන ඉල්ලා ඇති එජාප ඇමැතිවරුන් මේ තීරණය එජාප නායක අගමැතිවරයාට දන්වා ඇති අතර ශ්‍රීලනිපය නියෝජනය කරන නව වාහන ඉල්ලා ඇති ඇමැතිරවැන් ඒ බව ජනාධිපතිවරයා වෙත දැනුම් දෙනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨයෙක්‌  කීය.

ඇමැතිවරුන්ගේ තීරණය මෙහිදී ඇගයීමට ලක්‌ කර ඇති අගමැතිවරයා ජනතාවට බරක්‌ නොවන ආකාරයට ඇමැතිවරුන්ට නව වාහන ලබාදීමට ඉදිරියේදී තමන් වැඩපිළිවෙළක්‌ සකසන බවටද පොරොන්දුවී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here