Sunday, September 22, 2024

දෙවියන්ගේ නාමයෙන් කතකට කැත වැඩක් කළ කපුවා මාට්ටු

මාදම්පේ සෙම්බුකට්ටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය දේවාලයක ශාන්ති කර්මයක් සිදු කිරීමට පැමිණි කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සහා කළ බව කියන කපුවකු ගත් බව  මාදම්පේ පොලිසිය කියයි.

අත් අඩංගුවට ගත් කපුවා දුම්මලසුරිය යගන්වෙල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර වයස අවුරුදු 8 හා 10 සිමාවල දරුවන් දෙදෙනකු සිටින විවාහකයකු බව කියයි.

සෙම්බුකට්ටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් තම මව සමග ශාන්තිකර්මයක් කර ගැනිමට පැමිනි අවස්ථාවේදි මෙම අකරතැබ්බයට මුහුණ දි ඇති බව පොලිස් පරික්ෂණ වලදි සනාථ වි ඇත.

පොලිසිය අත් අඩංගුවට ගත් කපුවා තම මාදම්පේ සෙම්බුකට්ටිය ප්‍රදේශයේ හිතවතකුගේ නිවසක කලක සිට මෙම දේවාලය පවත්වාගෙන ගොස් ඇති බව කියයි.

ශාන්තිකර්මය සිදු කිරීමට කිසියම් දෙයක් අවශ්‍ය බව පවසා එම දේවාලය පිහිටි නිවසේ මුළුතැන්ගෙට ගොස් එය රැගෙන එන ලෙසට කාන්තාවගේ මවට කපුවා පවසා තිබේ.

ඒ අතර අතතුරු මෙම කාන්තාවට ලිංගික අතවර කිරීමට කපුවා උත්සාහ කළ බව සිද්ධියට මුහුණදුන් කාන්තාව පොලිසිය හමුවේ පවසා තිබේ .

මෙම අත්අඩංගුවට ගැනීම සිදුවීමෙන් පසුව අනාවරණය වි ඇත්තේ මෙම කපුවා ප්‍රදේශයේ කාන්තාවන් මෙන්ම කුඩා ළමුන් කීපදෙනකුට ලිංගික අතවර කිරීමට කටයුතු කිරීටම උත්සාහ කර ඇති බවටද වාර්තා වෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles