රෑ 12 ට ගිවිසුම් අත්සන් කරන එක හොඳයි – ඇමති නාමල් කියයි

0
310

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය අමෙරිකානු සමාගමකට ලබාදීමේ ගිවිසුම් අත්සන් තැබීම සම්බන්ධයෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ අදහස් දක්වමින් කියා සිටියේ එම ගිවිසුම අත්සන් තැබීම සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යවරයා මේ වන විටත් අදහස් දක්වා ඇති බවයි.

දෙපාර්ශවයට පහසු වෙලාවක ගිවිසුම් අත්සන් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා, ආණ්ඩුවට පැය 24 පුරාවට වැඩ කරනවානම් රාත්‍රී 12.00 ට ගිවිසුම් අත්සන් තැබී​ම  හොදයි යන්නයි.

විදේශීය ආයෝජකයින් සමග වැඩ කිරීමේදී ඔවුන්ගේ කාල රාමුවට ගැලපෙන ලෙස වැඩ කිරීම යෝග්‍ය බවද මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here