පොදු ස්ථානවලට ඇතුළුවීමට එන්නත් කාඩ්පත් සලකා බලයි?

0
312

ඉදිරියේදී පොදු ස්ථාන කරා ඇතුළු වීමේදී පූර්ණ එන්නත්කරණ කාඩ්පත සලකා බැලිය හැකි ක්‍රමවේදයක් පිළිබඳව අධ්‍යයනය කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

එසේම ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලිය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බවත් අවුරුදු 20-29 අතර පිරිස් සඳහා වන එන්නත්කරණය සම්බන්ධයෙන් මේ වන විට දැඩි අවධානය යොමු කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අද (27දා) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හා ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති හුසෙයි එල් සහර්ටි මහතා හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here