පොහොර යැයි කියා ආනයනය කරන චීන කැලිකසල ගෙන්වීම නවත්තන්න – අනුර

0
295

කාබනික පොහොර බව පවසමින් ඩොලර් මිලියන 63ක් වැයකොට චීනයෙන් ගෙන්වීමට යන “චීන කැලිකසළ” ආනයනය වහාම නවත්වන ලෙස විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක රජයෙන් ඉල්ලා සිටිනවා. පුවත් පතක් සමඟ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා. චීනයේ නාගරික කැළිකසළ වලින් නිෂ්පාදිත විස බැක්ටීරියාවලින් සමන්විත පොහොර වර්ගයක් බවත් එය ශ්‍රී ලංකාවේ පසට හානිකර බවයි අනුර කුමාර දිසානායක පෙන්වා දෙන්නේ. මෙරට පොහොර පිළිබඳ විශේෂඥයන් මෙම කාබනික පොහොර ආනයනය සිදුනොකළ යුතු බවට නිර්දේශ කර තිබෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here