Saturday, September 21, 2024

ජර්මනියේ නව චාන්සලර් ලෙස ඔිලාෆ් ෂ්කොල්ස් තේරී පත්වෙයි

වසර 16 ක් ජර්මනිය පාලනය කල ලොව බලවත්ම කාන්තාව ඇන්ජලා මර්කල්ගේ පක්ෂය පරාජයට පත්කරමින් ජර්මනියේ නව චාන්සලර් ලෙස ඔිලාෆ් ෂ්කොල්ස් පත් ව්ය.

ජර්මනියේ මහ මැතිවරණයෙන් ඇන්ගලා මර්කල්ගේ පාලක ක්‍රිස්තියානි ඩිමොක්ක්‍රටික් සන්ධානය පරාජය කරමින් මධ්‍ය වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ජයග්‍රහණය ලබා තිබෙනවා. නමුත් රජයක් පිහිටුවන්න නම් සුළු පක්ෂවල සහාය අනිවාර්යයෙන්ම ලබාගත යුතු වනවා.

ඊයේ පැවති ජර්මනියේ මහා මැතිවරණයෙන් සුළු ප්‍රතිශතයකින් ජයග්‍රහණය ලැබීමට මධ්‍ය වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමත් වුණා. ඔවුන් 25.5%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගත් අතර පාලක ක්‍රිස්තියානි ඩිමොක්ක්‍රටික් සන්ධානයට ලබා ගැනිමට හැකි වූයේ 24.1%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. එමෙන්ම මැතිවරණයට ඉදිරිපත් වූ හරිත පක්ෂය 14.8%ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගෙන ඇති අතර රජයක් පිහිටුවීමේ තීරණාත්මක සාධකය බවට ඔවුන් පත්ව තිබෙනවා. 

වසර 16 ක පමණ කාලයක් ජර්මනිය පාලනය කළ ඇන්ගලා මර්කල් මෙවර මැතිවරණයට ඉදිරිපත් වූයේ නැහැ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles