Saturday, September 21, 2024

අපනයන ආදායමේ ඩොලර් අගයන් අතර පරතරයක්

විදේශ විනිමය වෙළෙඳපොළ තුළ මෑත කාලීනව ඇතිවූ ඇතැම් ප්‍රවණතා හේතුවෙන් ගැටලූ කිහිපයක් උද්ගත වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ, රේගුව විසින් වාර්තා කරන ඩොලර් මිලියන 985 ක මාසික සාමාන්‍ය අපනයනවලට සාපේක්ෂව බැංකු විසින් වාර්තා කරන ලද රට වෙත ලැබී ඇති අපනයන ඉපැයීම්වල මාසික සාමාන්‍ය එක්සත් ජනපද ඩොලර් මිලියන 640 ක් පමණ වන බවයි.

මෙම අගයන් දෙක අතර එක්සත් ජනපද ඩොලර් මිලියන 345 ක පරතරයක් පෙන්නුම් කෙරෙනවා.

මහ බැංකුව ප්‍රශ්න කරන්නේ, මෙම නිරීක්ෂණය අපනයනකරුවන් සිය අපනයන ඉපැයීම් සියයට සියයක් රට වෙත රැගෙන ආයුතු බවට වන නියාමනයට අනුකූල වන්නේ ද යන බරපතළ ප්‍රශ්නය මතු කරන බවයි.

මෙම පසුබිම තුළ, විශේෂයෙන් වසංගතය ආශ්‍රිත පීඩන හේතුවෙන් විදේශ විනිමය ලැබීමේ අනෙකුත් ප්‍රධාන මාර්ග මත අයහපත් බලපෑම් ඇතිවීමත් සමග ගැටලූකාරී තත්ත්වය මතුවී ඇති බව මහ බැංකුව සඳහන් කරනවා.

විදේශීය අංශයේ ස්ථායීතාව සහ සමස්ත මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව සඳහා අපනයන ඉපැයීම් රට වෙත ගෙන්වා ගැනීමේ හා එම මුදල් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමේ වැදගත්කම පිළිබඳව ද මහ බැංකුව පෙන්වා දෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles