අනුරාධපුර පාසල් 13ක් පොසොන් වෙනුවෙන් වැසෙයි

0
595

පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුරය, මිහින්තලේ සහ තන්තිරිමලේ ප්‍රදේශවල පාසල් 13ක් වසා තැබීමට තීරණය කර තිබේ

ලබන 16 වැනිදා සිට 22 වැනිදා දක්වා ‍අදාළ පාසල් වසා තැබෙන බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

අනුරාධපුරය මධ්‍යමහ විද්‍යාලය, ස්වර්ණපාලී බාලිකා මහ විද්‍යාලය, ශාන්ත ජෝෂප් මහ විද්‍යාලය, වලිසිංහ හරිස්චන්ද්‍ර මහ විද්‍යාලය, නිවත්තක චේතිය මහ විද්‍යාලය, සහිරා විද්‍යාලය, දේවනම්පියතිස්ස මහ විද්‍යාලය, විවේකානන්ද මහ විද්‍යාලය සහ මහබෝධි විද්‍යාලය අදාළ කාලය තුළ වසා තැබීමට නියමිතය.

ඊට අමතරව මිහින්තලේ මහ විද්‍යාලය, මිහින්තලේ කණිෂ්ඨ විද්‍යාලය සහ කම්මලක්කුලම විද්‍යාලය මෙන්ම තන්තිරිමලේ විමලඥාන මහ විද්‍යාලය ද වසා තබන බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

පොසොන් උත්සව රාජකාරී කටයුතු සඳහා පිට පලාත්වලින් පැමිණෙන ආරක්ෂක අංශ සාමාජිකයින්ට නවාතැන් පහසුකම් ලබාදීම සඳහා එම පාසල් යොදා ගැනීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here