Sunday, September 22, 2024

අපනයනය ඉහළ ගියාට රටට ඩොලර් එන්නෙ නෑ

පසුගිය වසරට සාපේක්ෂව මේ වනවිට අපනයන වෙළඳාම ඉහළ ගොස් ඇති නමුත් රට තුළට ඩොලර් පැමිණීමේ යම් අඩුවක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. රේගු දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව මෙම වසරේ මාසික සාමාන්‍ය අපනයන අගය මිලියන 985 ක් වේ. කෙසේ නමුත් බැංකු විසින් වාර්තා කරන පරිදි රට තුළට පැමිණ තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 640 ක සාමාන්‍ය අගයක් පමණක් බවයි මහ බැංකුව පවසන්නේ.

ඒ අනුව අපනයන සහ රටට ලැබෙන ඩොලර් ප්‍රමාණය අතර පරතරය මිලියන 345 ක් වේ.

මෙරට අපනයනකරුවන් විසින් සිය අපනයන ආදායම් 100% ක් රට තුලට ගෙන ආයුතු බවට වන නියාමනය ඒ අයුරින්ම ක්‍රියාත්මක වන්නේද යන ගැටලුව මතුවන බවයි මහ බැංකුව නිකුත් කළ නිවේදනයක සඳහන්ව තිබෙන්නේ.

මහ බැංකුව තවදුරටත් පවසන්නේ විදේශ විනිමය අනුපාත දිගින් දිගටම වෙනස්වීම හේතුවෙන් අපනයනකරුවන් උපයන ඩොලර් රුපියල්වලට පරිවර්තනය කිරීමේ මැලිකමක් දක්වන බවයි. මේ නිසා බැංකු සතු විදේශ විනිමය තැන්පතු ශේෂය ඇමරිකානු ඩොලර් බිලියන 1.9 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී අපනයන ආදායම සැළකිය යුතු අගයකින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය 2020 වසරේදී අපනයන ඉපැයීම්වල මාසික සාමාන්‍ය අගය ඇමරිකානු ඩොලර් මිලියන 837 ක් වූ අතර මෙම වසරේ අගෝස්තු මාසය වනවිට මාසික සාමාන්‍ය අගය 985 ක් දක්වා වර්ධනය වී තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles