ශ්‍රී ලංකාව සමඟ සබඳතා පැවැත්වීම වර්ජනය නො කළ යුතු බව නෝර්වේජියානු කම්කරු පක්ෂය නියෝජනය කරමින් එරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මන්ත්‍රිනි කම්සාජිනී ගුණරත්නම් යෝජනා කර තිබෙනවා. මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කර ඇත්තේ, ආරාධනයක් ලැබෙන්නේ නම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වී ඒ පිළිබඳ ව සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවයි.