තැපෑලේ 06 ලක්ෂයකට අධික ලිපි ගොඩ ගැසෙයි..

0
443

කාලයක්‌ තිස්‌සේ විසඳී නොමැති ප්‍රධාන ඉල්ලීම් 14 ක්‌ මුල්කරගෙන රට පුරා සියලුම තැපැල් සේවකයන් පෙරේදා වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹුණා. අතිකාල සේවයෙන් ඉවත් වී දෛනික රාජකාරි කටයුතු පමණක්‌ ඉටුකිරීමට සේවකයින් තීරණ කළා.

මේ හේතුව නිසා, ඊයේ සවස්‌ වන විට ලියුම් ලක්‍ෂ හයකට අධික ප්‍රමාණයක්‌ තැපෑලේ සිරවී ඇති බව වාර්තා වෙනවා. තැපැල් වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු චින්තක බණ්‌ඩාර මහතා මාධ්‍යට ප්‍රකාශ කර ඇත්තේ, ” ලියුම් ලක්‍ෂ හයකට අධික ප්‍රමාණයක්‌ තැපෑලේ සිරවී තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු දෛනික රාජකාරී කටයුතු අකර්මණ්‍ය වෙලා” බවයි.

“තැපැල් දෙපාර්තමේන්තුවේ 19,000ක් පමණ සේවය කරනවා. ප්‍රධාන තනතුරු 2000 ක්‌ පුරප්පාඩු වෙලා. එම තනතුරුවලට අදාළ රාජකාරී ආවරණය කරනු ලබන්නේ අතිකාල සේවා මුරවලින් තමයි. තැපැල් දෙපාර්තමේන්තුවේ පාලනාධිකාරිය තැපැල් සේවකයන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදෙනවා වෙනුවට අතිකාල සේවාවනුත් කප්පාදු කරලා” බවත් එම මහතා ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here