Wednesday, October 30, 2024

හිතවතෙකු සැනසීමට රාජිත රජයේ වියදමින් දුන් තෑග්ගක් ගැන හෙළිදරව්වක්

යහපාලන රජය සමයේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මුදල් අවභාවිත කරමින් බුලත්සිංහල ප්‍රදේශයේ තම හිතවතෙකු සැනසීම සදහා ගොඩනැගිල්ලක් ලබා ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පසුගියදා  එම ස්ථානයට ගොස් තිබුණා.

ගොඩනැගිල්ල පරික්ෂා කිරීම සදහා අද පැමිණි රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා සදහන් කළේ පසුගිය රජය යටතේ තම හිතවතුන් සැනසීම සදහා මහජන මුදල් මෙලස අවභාවිත කර ඇති බවයි.මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද ඒ මහතා සදහන් කළා.

අදාළ ගොඩනැගිල්ල හෙද පුහුණු මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාමට කටයුතු කරන බව පසුගිය ආණ්ඩුව සමයේ ප්‍රකාශ කර තිබුණද එවැනි කිසිදු පුහුණු වැඩසටහනක් එහි සිදුකර නොමැති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles